Tuesday, 9 June 2026

මෙවන් පද සකි තේරුවට මන්ද!

    අපේ ජන කවි      

                                     

ගඟෙන් එගොඩ මම හේනක් කෙටු                වා
පාරෙ යන්නො මට සරදම් කෙරු                   වා
ඒ් ලැජ්ජාවට ගොවිතැන් කෙරු                      වා
කබරගොයා මට බාවෙන් තැළු                      වා

ඇද්දේ උගුල ගෝනටමයි අසුවෙ                 න්ට
බැන්දේ මිණිය අසුවුන බව දැනග                න්ට
සිවුරු පෙරෙව්වේ ලොසතට පින් දෙ            න්ට
සැවොම වරෙව් ගනයා උගුලෙන් ග             න්ට

බල්ලෝ ගිනි තපිති කඩනා දරක් නැ               තී
උකුසෝ සී සාති වපුරන කෙතක් නැ               තී
බස්සෝ නිදිමරති ලගිනා පැලක් නැ                තී
බල්ලෝ කපු කටිති අඳිනා වතක් නැ               තී

පායන ඉරට බිම ඉරි අඳිති කො                ල්ලෝ
දෙපති ගොයම් මුල් උදුරති කුරු               ල්ල‌ෝ
උඩ යන වඳුරු දැක බිම බුරති බ               ල්ල‌ෝ
නෙළුම් කවි කියති තරගෙට මහ              ල්ල‌ෝ

ඒ්වං මේ සුතං ඒ්කං සමයං                               ද
රාහුං අසුරින්ද නම් යන දෙවියන්                      ද 
රතනං පනීතං මුනිවර වචනෙන්                       ද
මෙවන් පද සකි තේරුවට මන්                         ද 


මෙවන් පද සකි තේරුවට මන්ද!

    අපේ ජන කවි                                             ගඟෙන් එගොඩ මම හේනක් කෙටු                වා පාරෙ යන්නො මට සරදම් කෙරු              ...